චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි

චන්ද්‍රිකාට දෙන්න ශ්‍රීලනිපය “අලුතින් ලොකු පුටුවක්” හදයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පක්ෂය තුළ ඉහළ තනතුරක් ලබා දීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වෙයි.මේ පිළිබඳව දැනටමත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද දැනුම් දී ඇති අතර ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම කටයුත්ත සිදු වන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සඳහා පක්ෂයේ ව්‍යවස්ථාවද වෙනස් කර කිරීමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව ඉදිරි පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.නමුදු එම තනතුර මඟින් තමන් ට පක්ෂය තුළ හිමි වන බලතල අනුව එය භාර ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් කුමාරතුංග මහත්මිය තීරණයක් ගනු ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්