නව වසරේ මුල විදුලි බිල අඩු වන බවට ඉඟියක්

2024 වසරේ ජනවාරි,පෙබරවාරි වන විට විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එමෙන්ම කලින් සිදු වූ විදුලි කප්පාදු යළි ඇති නොවන ලෙස කටයුතු කෙරෙමින් පවතින බව ද ඔහු කියයි.ඇමතිවරයා මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්