පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද(11) අලුයම සිට යථාතත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
ඒ අනුව ඊයේ (10) රාත්රී 8.20ට රාත්රී තැපැල් දුම්රිය වෙනුවට කොළඹින් පිටත් වූ විශේෂ දුම්රිය අද පෙරවරුවේ බදුල්ල දක්වා ධාවනය වූ බව පාලක මැදිරිය කියයි.
ඊයේ සවස හාලිඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ කොළඹ සිට ඇල්ල දක්වා සීමා කර තිබුණි.