සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට ඉංජිනේරුවන් අකමැති හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්න බැරි නිසයි

අඟුරු සහ තෙල් වලින් මෙන් හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙකු විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.එම ඉංජිනේරුවන්ට අවශ්‍ය ගල් අඟුරු සහ තෙල් ගෙන්වමින් ඒවායෙන් කොමිස් ලබන්නට බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්