පොල් අස්වැන්න ගෙඩි මිලියන 400කින් පහත වැටුණේ වසර දෙකකින් පොහොර නොයෙදූ නිසයි

පසුගිය වසරේ ගෙඩි මිලියන 3350ක් වූ පොල් අස්වැන්න ගෙඩි මිලියන 2950 දක්වා පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති අතර මීට ප්‍රධානතම හේතුව වසර දෙකකින් පමණ නිසි පරිදි පොහොර නොයෙදීම බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය සඳහන් කරයි.නමුදු මෙම අස්වැන්න පහළ වැටීමට හේතුව එම පොල් ගෙඩි ප්‍රමාණයෙන් වැඩි කොටසක් රිලවුන් විසින් කා දැමීම නිසා බවට පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍ය වරයා කළ ප්‍රකාශය විද්‍යාත්මක දත්ත මත පදනම් නොවූවක් බව පරිසරවේදීන් විසින් ද පෙන්වා දෙන ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාලීන පුවත්