කීරි සම්බා වලට සමාන සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනයට අවසර

කීරි සම්බා නොවන එහෙත් ඊට සමාන සහල් සමාන වර්ගයක සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි මෙසේ සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.මේ අනුව දේශීය වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල් මිලෙහි තරගකාරිත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින්වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

කාලීන පුවත්