මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද නව බදු සංශෝධන අනුව මෘත ශරීර භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ.කේ.අයි. එරන්ද මහතා කියයි.ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලයේ වෘත්තිය සමිති සබඳතා අංශය මගින් සංවිධාන කරන 2024 අයවැය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවේ 06 වන සම්මන්ත්‍රණය කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (21) පැවැති අවස්ථාවේදීය.ඊට අමතරව තවත් භාණ්ඩ අයිතම 66 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇති අතර මීට පෙරදී වැට් බද්දෙන් නිදහස් කරන ලද භාණ්ඩ අයිතම 100 කට ආසන්න ප්‍රමාණයකට ලබන ජනවාරි මස පළමුවැනිදා සිට වැට් බදු අය කෙරේ.