බදු අංකයක් නැත්නම් 50,000ක් දඩ

වයස අවුරුදු 18ට වැඩි සියලු ම පුරවැසියන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තමාට හිමි බදු අනන්‍යතා අංකය (Taxpayer Identification Number – TIN) අංකය ලබාගත යුතු යැයි ද වසරකට රුපියල් ලක්ෂ 12ට වඩා උපයන්නන් ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතු යැයි ද එසේ නොකරන්නන්ට රුපියල් 50,000ක දඩ මුදලක් පනවන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති හා නීති සම්පාදක කොමසාරිස් නෆීල් අබුබකර් පැවසීය.

ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා ගන්නවා සේ ම බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය පුරවැසියන් ලබාගත යුතු බව අබුබකර් මහතා පැවසීය.

කාලීන පුවත්