වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වූ “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත.මෙම මෙහෙයුම සිදු වන ආකාරය සම්බන්ධයෙන් , මාධ්‍යවල, සමාජ මාධ්‍ය ජාලාවල, හා ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව අධීක්ෂණයක් සිදුකර මෙම උපදේශන මාලාව නිකුත් කළ බව ද එම කොමිෂන් සභාව පවසයි.මෙම මෙහෙයුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා වන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන හා රටේ පවතින නීති රාමුව තුළ සහ නීතියෙන් නියම කරන ලද ආකාරයට පමණක් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ සියලු නිලධාරින් මෙහෙයවීමට වැඩ බලන පොලිස්පති වග බලාගත් වගබලා ගත යුතු බවටත් ජාතික පොලිස් කොමිසම උපදෙස් තිබේ එසේ නොමැතිව නීතියට පටහැනිව මෙම මෙහෙයුම් කටයුතු කරන ලද බවට සනාථවන අවස්ථාවන් වල දී එම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගත යුතු බවට ද ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පති වරයා වෙත නිකුත් කළ උපදේශන මාලාවේ සඳහන් වේ.ඒ සම්බන්ධයෙන් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කළ යුතු අතර මේ සම්බන්ධයෙන් ගත් පියවර මොනවාද යන්න පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව ද දැනුවත් කළ යුතු බවට ද එම කොමිසම පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත.