වැට් එකෙන් මැතිසබේ බත්පත දෙගුණයකින් වැඩි වෙයි

වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සේවකයකුගෙන් ආහාර සඳහා මාසයටම අය කෙරෙන්නේ රුපියල් 1000 ක් වැනි කුඩා මුදලක් බව පැවසේ.

මේ හේතුවෙන් එම පිරිස් සඳහා ආහාර සැපයීම අද බරපතළ අභියෝගයක්වී ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ කෑම බීම වෙනුවෙන් රජය අතිවිශාල මුදලක් දැරුවත් මන්ත්‍රීවරුන්ගෙන් සහ සේවකයන්ගෙන් ඒ සඳහා මාසිකව අය කර ගනු ලබන්නේ ඉතාම අඩු මුදලක් බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර වේල් යම් යම් සීමා කිරීම් වලට ලක් කර ඇත.අධික වියදම සැලකිල්ලට ගෙන තවදුරටත් සීමා කිරීම් අවශ්‍යව ඇතැයි එහි නිලධාරියෙක් පැවසීය

කාලීන පුවත්