“ඉදිරි ජනපති අපේක්ෂකත්වයට මාත් සූදානම්” නාමල් නොකියා කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ලෙස ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මෙන්ම තවත් නම් බොහොමයක් ඇති මුත් අවසානයේ එම ලැයිස්තුවල නොමැති කෙනෙක් වුවද ජනාධිපති අපේක්ෂක විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් රට පුරා ග්‍රමීය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද තමන් විසින් ක්‍රියාත්මක කර තිබෙන බව ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ගම් මට්ටමේ තීරණය ද පදනම් ව අනාගතයේ තීරණය කෙරෙන බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සහ නාමල් රාජපක්ෂ මහතා ගේ ගම් මට්ටමේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අතර කිනම් හෝ සම්බන්ධයක් තිබිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමේ උවමනාවක් තමන් තුළ පවතින බවත් නාමල් රාජපක්ෂ මහතා ගේ එම ප්‍රකාශයෙන් හැඟවෙන බවත් ඇතැමුන් ගේ අදහස වී තිබේ.මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාලීන පුවත්