හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ මරණ දඩුවම යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කර ඇත.ඒ අනුව දෙවරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඩුවම තහවුරු කෙරුණු ප්‍රථමයා විමේ දුලබ අවස්ථාව අත් කර ගත්තේ ද දුමින්ද සිල්වා ය . දුමින්ද සිල්වා මේ ජාතියේ වාර්තා කීපයකට හිමිකම් කියන අයෙකි.ඉන් එක් වාර්තාවක් වන්නේ මිනී මැරුම් නඩුවක විත්තිකරුවෙකු වී සිටියදීත් අත් අඩංගුවට පත් නොවී සිංගප්පූරුවට ගොස් දිගු කලක් එහි ගත කොට කටුනායකින් ආපසු දිවයිනට පැමිණ නාමික අත් අඩංගුවට පත්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දීර්ඝ කාලයක් ගත කර අවසානයේ බන්ධනාගාර රෝහලට සැපත් වීමේ භාග්‍යය අත්කරගත් පලමු විත්තිකරුවා වීම ය .දෙවැන්න මරණ දඩුවම නියමව අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙද්දී අසාධ්‍ය තත්වයෙන් ගිලන් යහනක පත බෑවී අධිකරණයකට ඒමට වාසනාව ලද බන්ධනාගාර රෝහලේ නිත්‍ය නේවාසික සිරකරුවීමේ වාර්තාව ය. තුන්වෙනි වාර්තාව නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ සමාවත් සමඟ සියලු අසාධ්‍ය තත්වයන් සුවපත් වී නිරෝගී මිනිහෙකු ලෙස බන්ධනගාර රෝහල් ඇඳෙන් නැගිට සමාජගත වූ පළමු බන්ධනාගාර රැඳවියා වීමේ වාර්තාව ය. හතර වෙනුව මරණ දඩුවමෙන් සමාව ලැබී දින කීපයක් තුළ ප්‍රධාන රාජ්‍ය ආයතනයක සභාපති කමකට පත්කෙරුණු පළමු තැනැත්තා වීමේ වාර්තාව ය.පස්වෙනි වාර්තාව නම් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් දුන් සැනින් නැවත අසාධ්‍ය තත්වයට පත්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කල පළමු රෝගියා වීමේ වාර්තාවය. හයවෙනි වාර්තාව නම් ඒ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්ගෙන් වසර දෙකයි මාස අටක් ප්‍රතිකාර ලබා ගෙනත් කිව යුතු සුවයක් අත් කර ගත නොහැකි වූ පලමු රෝගියා වීමේ වාර්තාවය.
මේ වාර්තා ගොන්න අප රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වන ආකාරය මැනවින් නිරූපණය කෙරෙන දර්ශකයන් බව නිසැක ය. දුමින්ද සිල්වා කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින මේ රංගනය අපේ රටේ රාජ්‍ය පාලන තන්ත්රයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දැක්වීමට යොදාගත හැකි කදිම උදාහරණයකි.
මොහු විසින් පිහිටුවා ඇති මේ වාර්තා ගොන්න අප රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වන ආකාරය මැනවින් නිරූපණය කෙරෙන දර්ශකයන් බව නිසැක ය.දුමින්ද සිල්වා කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින මේ රංගනය අපේ රටේ රාජ්‍ය පාලන තන්ත්රයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දැක්වීමට යොදාගත හැකි කදිම උදාහරණයකි. බන්ධනාගාරය පාලනය වන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකිනි.ඒ රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙහෙයවීම හා අධීක්ෂණය සිදුවන්නේ රටේ අධිකරණ අමාත්‍යංශයෙනි.අධිකරණ අමාත්‍යංශය භාරව අමාත්‍යවරයෙක් සිටියි.ඒ අමාත්‍යවරයා රටේ පාලනයේ විධානය භාර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වෙයි.අනික් අතට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාලනය වන්නේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත පාලක මණ්ඩලයකිනි.ඒ රෝහලේ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීම සෞඛ්‍ය අමාත්‍යංශයට භාර වේ.සෞඛ්‍ය අමාත්‍යංශය භාර ඇමතිවරයා ද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. අමාත්‍ය මණ්ඩලයේ නායකයා රාජ්‍ය නායකයා ද වන ජනාධිපතිවරයා ය. ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් අමාත්‍ය මණ්ඩලය සතියකට වරක් රැස්වී රටේ පාලනය පිළිබඳව වන භාරදූර තීරණ ගනිමින් සිටිති.මේ ජනාධිපති ද අමාත්‍ය මණ්ඩලය ද ඇමතිවරු ද ලේකම්වරු ද දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද පාලක මණ්ඩල ද ඇතුලු හැට හුට හමාරක් පිරිස රාජ්‍යයේ විධායකය නම් වේ.විධායකය ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලබන ව්‍යවස්ථාවන් එනම් නීතිරීති වලට අනුව පමණි.
ඒ නිසාම ජනාධිපතිවරයා ද ඇතුලුව මුලු මහත් විධායකයම පාර්ලිමේන්තුවට නැතිනම් ව්‍යවස්ථාදායකයට වගකීමට බැඳී සිටිති. ඒ අනුව ව්‍යවස්ථාදායකයට පැවරෙන ප්‍රධානතම වගකීමක් වන්නේ විධායකය නිසි ලෙස ක්‍රියාත්මක වේදැයි පසුවිපරම් කර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ය.ඒ සඳහා ව්‍යවස්ථාවෙන්ම පත්කෙරුණු විගණකාධිපතිවරයෙක් සිටියි.ඔහුගේ කාර්යවන්නේ ව්‍යවස්ථාදායකය විසින් වෙන්කර දෙන මුදල් ඒ වෙන් කළ කාර්යන්ටම වැයකරමින් විධායකය නිවැරදිව ක්‍රියා කර ඇතිදැයි පසු විපරම් කර ව්‍යවස්ථාදායකයට වාර්තා කිරීම ය.ඒ වාර්තාවන් ගැන සාකච්ඡා කර සමස්ත පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභා දෙකක් කෝප් හා කෝපා යන කෙටි නම් වලින් යුතුව ව්‍යවස්ථාදායකය විසින් පිහිටුවා ඇත මේවාත් රැස්වී ටයි පොලු දමාගත් විධායකයේ ලොක්කන්ගේ මුඛ පූට්ටු කරවන අයුරින් ප්‍රශ්න කරනු මාධ්‍ය ඔස්සේ ද පෙන්වමින් සිටිති.
ව්‍යවස්ථාදායකය විසින් පනවා ඇති නීති රෙගුලාසි වලට අනුව රටේ මුලු මහත් ජනතාවම ක්‍රියා කළ යුතු වේ.එසේ නීතිරීතී වලට අනුකූල නොවන ලෙස පුරවැසියන් ක්‍රියා කරන අවස්ථාවලදී ඒ පිළිබඳව කටයුතු කිරීමට විධායකය තුළ පොලිසිය නම් වූ ආයතනයක් පිහිටුවා ඇත.ඊට අතිරේකව වෙනත් දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල අධිකාරි වැනි ආයතනවලට ද ඒ ආයතනයට අදාල නීතිය ට පටහැනිව කෙරෙන කටයුතු ගැන ක්‍රියා කළ හැකි ය.මෙසේ නීතියට පටහැනිව කරනලදැයි චෝදනා කරන ක්‍රියාවන් ගැන විභාගයක් පවත්වා තීරණය කිරීමටත් නිත්‍ය උල්ලංඝණය කළ අයට දඩුවම් නියම කිරීමටත් අධිකරණය නම් වූ කොටසක් රාජ්‍ය ව්‍යුහය සතුවේ.අධිකරණ බලය ව්‍යවස්ථාදායකය සතු වුවත් එය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාදායකයේ වරප්‍රසාද වලට අදාල අධිකරණ බලය හැර ඉතිරි බලය මේ අධිකරණ ව්යුහ්ය මගින් ක්‍රියාත්මක කළ යුතු වේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ ඔහු අභියාචනා විභාගය අතර අධිකරණයට පැමිණියේ ගිලනුන් ගෙන යන අන්දමට ය.ඒ දිනවල රූපවාහිනියේ දර්ශනය වන දුමින්ද සිල්වාගේ අසාධ්‍ය රූප කාය දුටු මම උපදේශන සඳහා නිතර බන්ධනාගාරයට යන මගේ හිතවත් ගරු කටයුතු පියතුමෙකුගෙන් ඔහු පිළිබඳව විමසුවෙමි.එතුමන් මට පැවසුවේ “එයාට කිසිම අසනීපයක් නෑ පුතා.ඒ කරන්නෙ රඟපෑමක් කාට බොරුකළත් දෙවියන්ට බොරුකරන්න බැරි බව එයාට තාම තේරිල නෑ” යනුවෙනි.අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද මරණ දඩුවම ස්ථිර කළ පසුවත් ඔහු දිගටම සිටියේ බන්ධනාගාර රෝහලේ ය.ඉන් අනතුරුව ඔහු සුවපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති සමාවේ නිවේදනයෙනි.ඒ සමාව ලැබුණු වහාම බන්ධනාගාරයෙන් එළියට ආ දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස වැඩ භාරගත්තේය.එහි රාජකාරි කරද්දී ඔහුට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැත.
දුමින්ද සිල්වා පිළිබඳ සිද්ධිය වන්නේ 2011වර්ෂයේදී ය. පලාත් පාලන ඡන්දයක් අතර දුමින්ද සිල්වා සිය සහචරයන් කණ්ඩායමක් සමඟ ගොස් ඇතිවූ ගැටුමක දී කොලොන්නාව ප්‍රදේශයේදී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර නම් එවක ජනධිපතිවරයගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුලු තිදෙනෙකු ඝාතනය කරන ලදී.මේ සිද්ධියේ දී වෙඩිවැදුණු බව කියන දුමින්ද සිල්වා ඇතුලත් කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ය.ඔහු ඊට ඇතුලු කළ සැනින් ඔහු බැලීමට එවක ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ද රෝහලට පැමිණි බව වාර්තා විය.මෙය ඉතා බලවත් අපරාධයක් වූ බැවින් පොලිස් පරීක්ෂණ සිදුකරද්දීම දුමින්ද සිල්වා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙන ගියේ ඔහුගේ පවුලේ අයගේ වියදමෙනි.සිංගප්පූරුවේ ඔහු සිටින අතර ඔහුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් විය.මහාධිකරණයේ නඩු විභාගය යන අතර මෙරටට පැමිණි දුමින්ද සිල්වා බන්ධනාගාර අධික්ෂණය යටතේ රෝහල් ගතවිය.නඩු විභාගයෙන් පසු මිනී මැරීමේ චෝදනා යටතේ දුමින්ද සිල්වාට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වූ ඔහු පසුව ඔහු බන්ධනාගාර රෝහලට මාරු කෙරිණ. ඊට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ ඔහු අභියාචනා විභාගය අතර අධිකරණයට පැමිණියේ ගිලනුන් ගෙන යන අන්දමට ය.ඒ දිනවල රූපවාහිනියේ දර්ශනය වන දුමින්ද සිල්වාගේ අසාධ්‍ය රූප කාය දුටු මම උපදේශන සඳහා නිතර බන්ධනාගාරයට යන මගේ හිතවත් ගරු කටයුතු පියතුමෙකුගෙන් ඔහු පිළිබඳව විමසුවෙමි.එතුමන් මට පැවසුවේ “එයාට කිසිම අසනීපයක් නෑ පුතා.ඒ කරන්නෙ රඟපෑමක් කාට බොරුකළත් දෙවියන්ට බොරුකරන්න බැරි බව එයාට තාම තේරිල නෑ” යනුවෙනි.අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද මරණ දඩුවම ස්ථිර කළ පසුවත් ඔහු දිගටම සිටියේ බන්ධනාගාර රෝහලේ ය.ඉන් අනතුරුව ඔහු සුවපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති සමාවේ නිවේදනයෙනි.ඒ සමාව ලැබුණු වහාම බන්ධනාගාරයෙන් එළියට ආ දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස වැඩ භාරගත්තේය.එහි රාජකාරි කරද්දී ඔහුට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැත.යළිත් ඔහු අසාධ්‍ය තත්වයට අසනීප වන්නේ ඔහුට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සමඟ ය.එදා සිට අද දක්වාම ඔහු “අසාධ්‍යව” ජයවර්ධනපුර රෝහලේ ය.බන්ධනාගාරය කියන්නේ ඔහු බන්ධනාගාර අධීක්ෂණය යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.ඉන් පැහැදිලිවන්නේ මෙම අරුම පුදුම රෝගියා වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් ද රෝහලට අනුයුක්ත කර අති බව ය.
පසුගිය දවසක කහතුඩුව අධිවේග මාර්ග පිටවීමේ දොරටුවේ දී කාන්තාවකගේ බෙල්ල කපා ඝාතනය කළ ඝාතකයා කටුනායක දී අත්ඩංගුවට ගනිද්දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ රෝහලකට යන බවට වෛද්‍ය නිර්දේශයක් තිබුණා නම් යන්න දෙනවාද? එසේ යන්නට නොදෙන්නේ නම් දුමින්ද සිල්වාට මේ නීතිය බලපෑවේ නැතුව විදේශගත වුණේ රාජ්‍ය තන්ත්රයේ දුර්වල හැසිරීම නිසා යන්න පිළිගැනීමට සිදුවේ. කිසියම් වරදකට බන්ධනාගාර ගතවන්නට වෙන ලකුණු පහල වුණොත් බොහෝ දේශපාලකයින් කරන්නේ පෞද්ගලික රෝහලකට ඇතුළු වී අසාධ්‍ය රෝගියෙකු බවට පත්වීම ය.
දැන් රාජ්‍ය යාන්ත්‍රණය මේ කරුණට අදාලව ක්‍රියාත්මක වන්නේ කෙසේද?බලමු. බරපතල අපරාධයකට සැක කරන සැකකරුවෙකු රටින් පිටකර විදේශයක ප්‍රතිකාර ලබා දීමට හැකියාවක් ඇතිද?තවමත් සැකකරුවකු ලෙස රඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව භරයේ සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාට බැරිවෙලාවත් බරපතල අසනීපයක් හැඳුණොත් ඔහුට ඔහුගේ පවුලේ වියදමින් ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ගිය හැකිද?ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩ දේද? පසුගිය දවසක කහතුඩුව අධිවේග මාර්ග පිටවීමේ දොරටුවේ දී කාන්තාවකගේ බෙල්ල කපා ඝාතනය කළ ඝාතකයා කටුනායක දී අත්ඩංගුවට ගනිද්දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ රෝහලකට යන බවට වෛද්‍ය නිර්දේශයක් තිබුණා නම් යන්න දෙනවාද? එසේ යන්නට නොදෙන්නේ නම් දුමින්ද සිල්වාට මේ නීතිය බලපෑවේ නැතුව විදේශගත වුණේ රාජ්‍ය තන්ත්රයේ දුර්වල හැසිරීම නිසා යන්න පිළිගැනීමට සිදුවේ. කිසියම් වරදකට බන්ධනාගාර ගතවන්නට වෙන ලකුණු පහල වුණොත් බොහෝ දේශපාලකයින් කරන්නේ පෞද්ගලික රෝහලකට ඇතුළු වී අසාධ්‍ය රෝගියෙකු බවට පත්වීම ය. එතන සිට මහේස්ත්‍රාත්වරයා ද පොලීසිය ද රෝගියා බැලීමට පැමිණෙන අතර ආණ්ඩුවේ බලවතුන් සමග සාම සාකච්ඡා පවත්වා තත්වය කලමනාකරණය කර ගෙන වැඩිම උනොත් රෝහලේ උඩුබැල්ලෙන් දපා ගෙනම කට උත්තරයක් දීමෙන් පසු ගෙදර යාම ඒ අය සිරිතක් කරගෙන ඇත. දුමින්ද සිල්වා වසර ගණනාවක් දැම්මේ මේසෙල්ලම ය.
අවුරුදු දෙකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ දුමින්ද සිල්වාව ඇඳෙන් නැගිට්ටවා ගන්නවත් බැරි වූ වෛද්‍යවරුන් මෙයාට මවුන්ට් එලිසබෙත් යවන්න ඕනැ කිව්වොත් කරන්නේ ඊට සප් එකදී බන්ධනාගාරයෙන්ද දෙන්නෙක් සමඟ ජම්පරය අන්දවා දුමින්දව සිංගප්පූරු යැවීම ද? එවිට මාස තුනකට වත් වරක් කොමසාරිස් ජනරාල්ටත් එහි ගොස් රෝගී බන්ධනාගාර රැඳවියා බලා තමාගේ නිලධාරීනුත් අධීක්ෂණය කර එන්නටත් පුලුවන. බන්ධනගාරයේ ඉන්නා මරණ දඬුවම නියම වූ අනෙකුත් රැඳවියන්ටත් පවුලේ වියදමෙන් ගාස්තු අය කරන රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනීමට ඉඩ දීමට ඉල්ලුවොත් ඉඩ දෙනවාද? බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රශ්න ඇසිය යුතු ය.
එනම් වෛද්‍ය නිර්දේශයක් හදාගෙන නීතියට කට්ටි පැනීම ය.ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය තන්ත්රය දුමින්ද සිල්වාගේ මේ සෙල්ලමෙන් අඤ්ඤ කොරොස්වී ඇත.බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මරණ දඩුවම නියම වූ සිරකරුවෙක් තමාගේ වියදමෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඉන්නේ කෙසේදැයි ඇහුවොත් වෛද්‍යවරුන් කියන නිසා යැයි කියයි.එහෙම හරිද? ඔබ ආයතනයට වගකීමක් නැතිද? ඇසුවොත් “අපේ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් යටතේ නොවැ රෝහලේ ඉන්නෙ” කීමට ද පුලුවන.අවුරුදු දෙකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ දුමින්ද සිල්වාව ඇඳෙන් නැගිට්ටවා ගන්නවත් බැරි වූ වෛද්‍යවරුන් මෙයාට මවුන්ට් එලිසබෙත් යවන්න ඕනැ කිව්වොත් කරන්නේ ඊට සප් එකදී බන්ධනාගාරයෙන්ද දෙන්නෙක් සමඟ ජම්පරය අන්දවා දුමින්දව සිංගප්පූරු යැවීම ද? එවිට මාස තුනකට වත් වරක් කොමසාරිස් ජනරාල්ටත් එහි ගොස් රෝගී බන්ධනාගාර රැඳවියා බලා තමාගේ නිලධාරීනුත් අධීක්ෂණය කර එන්නටත් පුලුවන. බන්ධනගාරයේ ඉන්නා මරණ දඬුවම නියම වූ අනෙකුත් රැඳවියන්ටත් පවුලේ වියදමෙන් ගාස්තු අය කරන රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනීමට ඉඩ දීමට ඉල්ලුවොත් ඉඩ දෙනවාද? බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රශ්න ඇසිය යුතු ය.හරි නම් ඒවා ඇසිය යුත්තේ අමාත්‍යංශ ලේකම් ය. ඇමතිතුමා ගෙන් ඒ ප්‍රශ්න ඇසිය යුත්තේ පාර්ලිමේන්තුව ය. එතකොට අඩුම තරමේ ලැජ්ජාවක් ඇත්නම් උත්තරයක් දීමට සිදුවේ.එසේ වුවද රාජ්‍යයේ අධීක්ෂණ ක්‍රියාවලිය මෙතන දී ක්‍රියාත්මක නැත. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලක සභාව ඔහුට ප්‍රතිකාර කරන බව පවසන වෛද්‍යවරුන්ගෙන් මේ බන්ධනාගාර රැඳවියා වසර දෙකහමාරකටත් වැඩිය ප්‍රතිකාර කර සුව නොවන්නේ නම් තවදුරටත් මෙතන තියාගන්නේ ඇයි කියා වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කළ යුතු ය.සෞඛ්‍ය ඇමතිට නිරෝගී මානසික සෞඛ්‍යයක් ඇත්නම් මේ ගැන රෝහලෙන් විමසිය යුතුය.නමුත් ඒ සියල්ල අකර්මන්‍ය ය.
ශ්‍රේෂ්ඨාධිකරණය දෙවරක්ම මරණ දඩුවම් තහවුරු කළ වරදකරුවකු තාමත් බන්ධනාගාරයට ගතකිරීමට බැරි විධායකය අවසානයේදී බන්ධනාගාරය වරදකරුගේ දෙපතුල ළඟට ගෙනයන අලුත් ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.තම ප්‍රතිකාර වලින් අවුරුදු දෙකහමාරක් තිස්සේ නැගිට්ටවා ගන්න බැරි බන්ධනාගාර රැඳවියාට සුදුසු තැනකට ගෙන ගොස් ප්‍රතිකාර කරන්නට නොකියා ඔහුගෙන් මුදල් අයකරමින් තිය ගන්නා රාජ්‍ය රෝහල් ද මේ විධායකයට අයිති ය. උකුස්සන්, රාජාලින් ආදී වශයෙන් පෙනී සිටිමින් හොරු අල්ලන, වංචා හෙළි කරන මාධ්‍ය වීරයන් මේ රැඳවියා ඉන්න පැත්ත පළාත නොබලන්නේ දුමින්ද සිල්වාට ඇති මාධ්‍ය බලය නිසා විය යුතු ය.
පාර්ලිමේන්තුවේ ඕනෑම කුනු ගොඩක් අවුස්සන මහජන නියෝජිතයින් මේ ගැන ප්‍රශ්න නොකරති.ව්‍යවස්ථාදායකයේ කෝප් කෝපා කමිටුවල දී ද මේ ප්‍රශ්න නැගිය යුතු ය නමුත් ඒ අයතන සියල්ල නිහඬ ය.මේ අපේ රටේ ව්‍යවස්ථාදායකය හා විධායකය ක්‍රියාත්මක වන අන්දම ය.රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙවරක්ම මරණ දඩුවම් තහවුරු කළ වරදකරුවකු තාමත් බන්ධනාගාරයට ගතකිරීමට බැරි විධායකය අවසානයේදී බන්ධනාගාරය වරදකරුගේ දෙපතුල ළඟට ගෙනයන අලුත් ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.තම ප්‍රතිකාර වලින් අවුරුදු දෙකහමාරක් තිස්සේ නැගිට්ටවා ගන්න බැරි බන්ධනාගාර රැඳවියාට සුදුසු තැනකට ගෙන ගොස් ප්‍රතිකාර කරන්නට නොකියා ඔහුගෙන් මුදල් අයකරමින් තිය ගන්නා රාජ්‍ය රෝහල් ද මේ විධායකයට අයිති ය. උකුස්සන්, රාජාලින් ආදී වශයෙන් පෙනී සිටිමින් හොරු අල්ලන, වංචා හෙළි කරන මාධ්‍ය වීරයන් මේ රැඳවියා ඉන්න පැත්ත පළාත නොබලන්නේ දුමින්ද සිල්වාට ඇති මාධ්‍ය බලය නිසා විය යුතු ය. මේ තත්වය තවත් දුරදිග ගියොත් දුමින්ද සිල්වාට තවත් එක වාර්තාවක් පිහිටුවිය හැකිය.ඒ රෝහලේදී මියගිය බවට මරණ සහතිකයක් ලබාගෙන ජරාජීර්ණවූ දුමින්ද සිල්වා යන නාමය ආගමානුකූලව මිහිදන් කිරීමෙන් පසු ඉතිරිවන රූපස්කන්ධයට වෙන නමක් ලබාගැනීමේ දෙවන උපතත් ඔය වෛද්‍යවරුන්ගේම පිහිටෙන් සිදුකර ගැනීම ය.එසේ වුවත් මේ ව්‍යවස්ථා දායකයත් විධායකයත් ඇස් හැර නොබලන බව නම් සහතික ය.
සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති