ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, අද (06) දිනයේ සිට වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් සහ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි ගෙවීම නැවත ආරම්භ කරන බවයි.
2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ මෙම වන්දි ගෙවීම කරන බවද මහ බැංකුව සදහන් කරයි.
තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට එළඹෙන මැයි මස (21) වනදා දක්වා වන්දි මුදල් ගෙවීම ක්‍රියාත්මක කරන බවද මහ බැංකුව සදහන් කරයි.