කෙහෙලිය පරිසර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කෙහෙලිය රඹුක්වැල්ල මහතා තමන් දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය අද(06) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීමේ සාපරාධී චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එල්ල වූ අදාල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයන් ද ඉදිරිපත් වූ මුත් එය වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
.

කාලීන පුවත්