කවුරුන් කෙසේ කීවද, තමන් ගංජා බිළිඳාගේ මව බව ද රාජ්‍ය ඇමැතිනිය පෙන්වාදෙයි.“ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීමට විදේශීය ආයෝජකයන් ගෙන ඒමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය ගත් පියවර ගැන මම කිසිසේත් කලකිරීමට පත්වෙන්නේ නෑ. ඒක ආරම්භ කරලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ මම බව මුළු ලෝකයම දන්නවා.
ගංජා බබාගේ අම්මලා තාත්තලා ජනතා කරලියට පැමිණ කුලල් කාගන්නා අතරේ ගංජා යනු මිනිස් දරුවකු නොව සමාජන වනසන යක් පැටවකු බව කියන සමාජ බලබේගයක් ද දැන් ගොඩ නැඟී තිබේ.
මේ දිනවල රට පුරා ඔඩු දුවන සමාජ,ආර්ථික,දේශපාලන අර්බුද අතරට අප රට තුළ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව සැරසීමේ පුවතක් ද එක් වී තිබේ.එහි අලුත්ම පිටුව නම් දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ගංජා වගාව සඳහා විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කළ බවට අසත්‍ය ප්‍රකාශ කළ බව රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ එල්ල කරන චෝදනාවය.කෙසේ වෙතත්, කවුරුන් කෙසේ කීවද, තමන් ගංජා බිළිඳාගේ මව බව ද රාජ්‍ය ඇමැතිනිය පෙන්වාදෙයි.“ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීමට විදේශීය ආයෝජකයන් ගෙන ඒමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය ගත් පියවර ගැන මම කිසිසේත් කලකිරීමට පත්වෙන්නේ නෑ. ඒක ආරම්භ කරලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තේ මම බව මුළු ලෝකයම දන්නවා. සිසිර ජයකොඩිලා ඒකට මුල ඉඳලම විරුද්ධ වුණා. ඔහු මාව විවේචනය කළ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා තිබෙනවා. මගේ ගංජා බබාට තාත්තලා ගොඩක් ඉන්නවා. ඒත් එයාලට මතක තියාගන්න වෙන්නේ මම බබාගේ අම්මා කියලා” රාජ්‍ය ඇමැතිනිය ඩේලි මිරර් වෙත එසේ පවසා ඇත.ශ්‍රී ලංකාවේ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව පවසමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් ඇය කියාසිටියේ, රාජ්‍ය ඇමැති ජයකොඩිගේ යෝජනාව සැබවින්ම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවයි.“ශ්‍රී ලංකාවේ ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ බව කීවේ මම නෙවෙයි සිසිර ජයකොඩි තමයි” ඇය කියයි.මෙසේ ගංජා බබාගේ අම්මලා තාත්තලා ජනතා කරලියට පැමිණ කුලල් කාගන්නා අතරේ ගංජා යනු මිනිස් දරුවකු නොව සමාජන වනසන යක් පැටවකු බව කියන සමාජ බලවේගයක් ද දැන් ගොඩ නැඟී තිබේ.
කංසා වගාව නීතිගත කළහොත් එයින් අපේක්ෂිත ආර්ථික ලාභයට එහා ගිය දරුණු ආර්ථික හා සාමාජීය ව්‍යසනයක් ඇතිවනු නිසැක යැයි බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරයි.කංසා වගාව නීතිගත කිරීම හා ඒ සඳහා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ සභාපති දිවියාගත යසස්සී නාහිමි සහ එහි ලේකම් තිරිකුණාමලයේ ආනන්ද මහානාහිමිගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත (6) යොමු කර ඇත.එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
මෑතකදී ජනාධිපතිතුමා විසින් ගංජා වගාව නීතිගත කිරීම සඳහා විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර ඇති බව දැනගන්නට ලැබිණි. එම කමිටුවේ බහුතරය ගංජා වගාවට පක්ෂග්රාහී නිසා ගංජා වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරන බව අපගේ නිසැක විශ්වාසය වේ.
(1) ගංජා වගාව තුළින් දේශීය පිළිබිඹු කිරීම සහ දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ගංජාවල ඇති අවශ්‍යතාව සපුරාලීමට හැකිවීම සහ
(2) ගංජා අපනයන කිරීම විශාල වශයෙන් ලාභ ලැබිය හැකි ව්‍යාපෘතියක් වන නිසා රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩනැංවීමට ගංජා වගාව මහත් සේ රුකුලක් වීම.
ගංජා වගාව නීතිගත කළහොත්, එය අවභාවිතය තුළින් ඇතිවන හානිය අවප්‍රමාණය, විවිධාකාරය. ගංජා භාවිතය ප්‍රචලිත වීම හේතුවෙන් නිශ්චිත වශයෙන්ම සිදුවන ශාරීරික සහ මානසික රෝග, සමාජයට සිදුවන හානි සහ අහිතකර බලපෑම්, එනම්, රිය අනතුරු, අපරාධ සහ සාමූහික ඝාතන වැඩිවීම නිසා ඉතා උසස් සංස්කෘතියකට හා ශිෂ්ටාචාරයකට උරුම කියන මෙම රට අගාධයකට සහ පරිහානියකට පත් වන බව නිසැකය. අපේක්ෂිත ආර්ථික ලාභයට එහා ගිය දරුණු ආර්ථික හා සමාජීය ව්‍යසනයන්ට ජනතාවට මුහුණ දෙන්නට සිදුවන නිසාය. ශ්‍රීමත් ජනාධිපතිතුමාට මේ කරුණ අවධාරණය කරනුයේ,
ගංජා වගාව නීති ගත කළ යුතු යැයි යන්නට ඉදිරිපත් කර ඇති තර්ක මහජනතාවගේ අවධානය සඳහා පහත විශ්ලේෂණය කරනු ලැබේ.
(1) දේශීය ආයුර්වේද ඖෂධ සැපයීම සඳහා ගංජා වගාව නීතිගත කළ යුතුය.
1) දේශීය ආයුර්වේද ඖෂධ සඳහා මුළු දේශයටම වාර්ෂිකව අවශ්‍ය වන ගංජාවල ප්‍රමාණය කිලෝග්‍රෑම් 500ක් පමණකි.මෙම ප්‍රමාණය ඉතාමත් පහසුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ගංජාවලින් සැපයිය හැකි වේ. තවද ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ගංජා සැපයීම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රශ්නයක් මතු නොවීමෙන් නිගමනය කළ හැක්කේ ඔවුන්ගේ අවශ්‍යතාව නිසි ලෙස සපිරෙන බවයි.
මේ නිසා දේශීය ඖෂධ නිපදවීමට ගංජා වගා කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි පෙන්වීම හේතු රහිතය.
(2) ආර්ථික අවපාතයෙන් ගොඩවීමට සහ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් කිරීම සඳහා ගංජා වගා කළ යුතුය.
1) ගංජා වගාකර අපනයනය කිරීමෙන් ඉතා විශාල ලාභයක් ලබා අපේ බිඳ වැටුණු ආර්ථිකය දියුණු කිරීමට හැකි යැයි උපකල්පනය කිරීම වැරදි අවබෝධයකි. ලොව පුරා ගංජා සැපයුම්කරුවන් විශාල සංඛ්‍යාවක් වර්තමානයේ ක්ෂේත්රයට අවතීර්ණ වීම හේතුවෙන් බොහෝ ගංජා සමාගම් දැන් විශාල ලෙස පාඩු ලබන බව වාර්තා වේ.
2) ගංජා තෙල්වල මිල 2019 2022 කාලය තුළ සියයට 75 කින් පහළ ගොස් ඇත. මේ නිසා ගංජා ආශ්රිත වෙළෙඳාමෙන් බලාපොරොත්තු වන ලාභය ලැබේ යැයි පැවසීම පදනම් රහිතය.
3) ලංකාවේ වචන ගංජා මිලට ගැනීමට තවම කිසිම විදේශ රටක් හෝ සමාගමක් හෝ ඉදිරිපත් වී නැත. එසේම ගංජා මිලදී ගැනීමට ලංකාවට කෙටි කාලීනව හෝ දිගුකාලීනව හෝ කිසිම ස්ථිර ඇණවුමක් මෙතෙක් ලැබී නැත.
මේ නිසා ගංජා වගාව තුළින් මෙරට ආර්ථීකය දියුණු වේ යැයි යන්න කිසිසේත් උපකල්පනය කළ නොහැකිය.දැනට ඇති දත්ත අනුව ගංජා වගාව සඳහා ඇති නීතිමය පදනම, එලෙසම පවත්වා ගත යුතු බවට රජය වෙත අවධාරණය කරනු ලබන්නේ පහත සඳහන් සාධක පදනම්වය.
අ) එක්සත් ජාතීන් පිළිගෙන ඇති රටවල් 193ක්ම ගංජා වගාව සහ භාවිතය නීතිගත නොකිරීම.
ලෝකයේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 අතුරින් රටවල් දෙකක් පමණක් ගංජා භාවිතය නීතිගත කර ඇත. තවද රටවල් 5ක් පමණ ගංජා භාවිතය සමහර ප්‍රාන්තවල පමණක් අනුමත කර ඇත. මෙයින් අවබෝධ කරගෙන ඇති බවත්, එම රටවල් ගංජා සංහාරයකින් ජනතාව සුරක්ෂිතව තබා ගැනීමට දිගටම ක්‍රියාකරගෙන යන බවත්ය.
ආ) ගංජාවලින් සිදුවන අති විශාල සෞඛ්‍යමය හා සාමාජීය හානි
ගංජා නීතිගත කරන ලද දකුණු ඇමරිකාවේ උරුග්වායි රටේ ගංජා භාවිතය සීඝ්රයෙන් වැඩිවීමත් ඊට සමගාමීව රිය අනතුරු, අපරාධ, සමූහ ඝාතන, වැඩි වී ඇති බවත් වාර්තා වී ඇත.
තායිලන්ත රජය විසින් ගංජා භාවිතය නීතිගත කිරීම පිළිබඳව එම රටේ වෛද්‍ය සංගම් තායිලන්ත රජයට විරුද්ධව උසාවියේ නඩු පවරා ඇත.
ඇ) ගංජා භාවිතයෙන් සිදුවන මානසික රෝග
ගංජා භාවිතය මහජන සෞඛ්‍යයට අහිතකරය. එහි අඩංගු විෂ රසායනයන් අතර TCH හෙවත් Tetra Hydrocarbon ගංජාවල ඇති ප්රබලතම ඇබ්බැහි කාරක රසායනිකයයි. ගංජා භාවිතයෙන් බොහෝ මානසික රෝග ප්‍රවර්ධනය කරනු ලැබේ. මේවා අතුරින් හීන්නොන්මාදය (Schizophrenia) සයිකෝසියාව (Psychosis), ද්විධ්රැව අවපාතය (Bipolar depression) සහ සිය දිවි හානි සඳහන් කළ හැකිය. තවද යෞවනයන්ගේ මොළයේ වර්ධනය අඩු වීම, බුද්ධි ඌනතාව සහ ඉගෙනීමේ ගැටලු ද ඇතිවිය හැකිය.
ඇ) ගංජා භාවිතයෙන් ඇතිවන කායික රෝග
ගංජා දුමෙහි පිළිකා කාරකයන් සහ අසාත්මික කාරකයන් ඇති නිසා පෙනහලු රෝග සහ හෘද ස්පන්දනය වැඩිවීම සිදුවේ. ගර්භනී කාන්තාවන්ට ගංජා භාවිතය තුළින් උපත් බර අඩු දරුවන් සහ මොළයේ සහ ප්රජානන පද්ධතියේ විකෘතිතා ඇති දරුවන් ඇතිවිය හැකිය.
ඉ) ගංජා අන්තරායදායක ඖෂධයක් ලෙස නීතිගත වීම.
1) ශ්‍රී ලංකාවේ විෂ, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනත යටතේ ගංජා වගා කිරීම සහ භාවිතය තහනම් කර ඇත.
2)එක්සත් ජාතීන්ගේ සංවිධානය ගංජා අන්තරායදායක ඖෂධයක් ලෙස නම් කර ඇත.
3) ඇමරිකාවේ ගංජා (කැනබිස්) අඩංගු ඖෂධ භාවිතය ඇමරිකාවේ Federal Drug Agency (FDA) මගින් තහනම් කර ඇත.
4) බ්‍රිතාන්‍යයේ භාවිත කරන සියලුම ඖෂධ අඩංගු පොත වන British National Formulary (BNF) යෙහි ගංජා ආශ්රිත කිසිදු ඖෂධයක් නොමැත.
ගංජා භාවිතය නීතිගත කිරීමට පෙර විෂ අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනත පළමුව අහෝසි කළ යුතුයි. මෙවැන්නක් සිදුවුවහොත් මුළු රටම ආගාධයකට ගෙන යෑමට ගන්නා පියවරක් ලෙස සලකන හෙයින් එවැනි පියවරක් නොගන්නා මෙන් ශ්‍රී ලංකා රජයට කරුණාවෙන් දන්වා සිටිමු.
ශ්‍රී ලංකාවේ ගංජා භාවිතය නීතිගත කිරීමට පෙර විෂ අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනත පළමුව අහෝසි කළ යුතුයි. මෙවැන්නක් සිදුවුවහොත් මුළු රටම ආගාධයකට ගෙන යෑමට ගන්නා පියවරක් ලෙස සලකන හෙයින් එවැනි පියවරක් නොගන්නා මෙන් ශ්‍රී ලංකා රජයට කරුණාවෙන් දන්වා සිටිමු. යම්කිසි නීතිමය තහංචියක් ලිහින් කළ විට ආපසු හැරවීම ඉතා දුෂ්කර කාර්යක් නිසා දීර්ඝකාලීන දුෂ්ප්රතිවිපාක ගෙන දෙන මෙවන් කටයුතුවලදී අත්හදා බැලීම් නොකළ යුතු බව තරයේ දන්වා සිටිමු.
ශ්‍රී ලංකාව තවමත් සිගරට් සහ මත් වතුර වැනි නීති ලිහිල් නොවන සේ මත්ද්‍රව්‍ය සහ හෙරොයින් වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය නිසා අධික ලෙස පීඩා ලබමින් සිටී. ඉහත සඳහන් කරුණු සලකා ගංජා වගාව නීතිගත කිරීමට රජයේ යම්කිසි අදහසක් තිබේ නම් එය වහාම අත්හැරිය යුතු බවට කාරුණිකව දන්වා සිටිමු. එසේම සියලු ආගමික නායකයින් හා සමාජ හිතකාමී සංවිධාන ඇතුළු මහජනතාව මේ සම්බන්ධයෙන් නිසි අවධානයෙන් සිටිය යුතු බවටත් ඒ ගැන නොපැකිලිව සිය විරෝධය පළ කළ යුතු බවටත් හුදෙක් ඉල්ලා සිටිමු.