දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්යන්ත්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යාපන වෘත්තීය සමිති අතර ඊයේ (16) පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කළේ ය.දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්

කාලීන පුවත්