ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ සැලකිය යුතු වර්ධනයත් සමඟ සංචාරක කලාප ආශ්රිත පහසුකම් පුළුල් කිරීම සම්බන්ධ කටයුතු වල ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙතම ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බලා තිබේ,ඒ අතර සංචාරක කර්මාන්තය හා සම්බන්ධ කුඩා ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ බොහෝ ගැටලුවලට ද එම අවස්ථාවේම අදාළ නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් විසඳුම් ලබා දීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. සීනිමෝදර, දික්වැල්ල, නිල්වැල්ල, හිරිකැටිය, වැලිගම සහ හබරාදුව ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයකට මෙන්ම දකුණු වෙරළ තීරයේ පිහිටි වැලිගම සර්ෆ් පාසල වෙත ද ගොස් එහි කටයුතු සොයා බැලීමට මෙහිදී ජනාධිපතිවරයා කටයුතු කළ අතර උණවටුන සංචාරක කලාපයේ දී ජනාධිපති වරයා විදේශීය සංචාරකයන් සමඟ කෙටි කතා බහකට ද එක් වෙමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ ද අදහස් ලබා ගෙන තිබේ.