සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනා සඳහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
විශේෂයෙන් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය දක්වා වන්දනාකරුවන් විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවට පැමිණ සිටියි.
සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් සාමාන්‍ය දුම්රිය ගමන් වාරවලට අමතර ව විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක්කර ඇති බව සඳහන් ය.
දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්ට නල්ලතණ්නිය දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රැසක් ධාවනයට එක්කර ඇත.