මේ දිනවල පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් තේ දළු අස්වැන්න සියයට 60 කින් පමණ අඩු වී ඇති බව පහත රට කුඩා තේ වතු හිමියන් පෙන්වා දෙයි.
පවතින නියං තත්ත්වය හේතුවෙන් ඇතැම් තේවගාවන් විනාශ වෙමින් පවතියි.
තේ වගාව සදහා විශාල වියදමක් දැරීමට සිදුවී ඇති තමන්ට මේ වන විට එම වගාව රැකගැනීම සදහා ද දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වල අවධානය යොමු විය යුතු බවයි පහත රට කුඩා තේ වතු හිමියන් ප්රකාශ කරයි.