ගම්මිරිස් ඇතලු කුළු බඩු කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසරදීමට රජය පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා කරදමුංගු ආදී මෙරට කුළු බඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසරදෙමින් රජය පසුගිය දා ගැසට් නිවේදනය නිකුත් කරනලදි.
ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විරෝධය පළ කළ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.
මෙලෙස ප්‍රතිඅපනයනය සදහා ආනයනයට අවසර දීම තුළින් දේශීය කුළු බඩු ගොවියා අධෛර්මත් වන බවත් ඒ තුළින් කුළු බඩු නිෂ්පාදනය කඩාවැටෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
දැනට ලෝකයේ හොදම කුළු බඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට මෙය අහිතකර ලෙස බලපාන බවයි අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මෙම පැහැදිලි කිරීමෙන් පසු අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමටත් ප්‍රතිඅපනයනය සදහා කුළු බඩු මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමටත් තීරණය කර තිබේ.