රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් ආවොත් න්‍යෂ්ටික බලය පෙන්වනවා

රුසියාවේ ස්වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීමට තමන් පසුබට නොවන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර තිබේ.ඔහු මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ රුසියාවේ මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී වන අතර, ඉදිරි වසර හය තුළ ද නැවත ජනාධිපති ධුරයේ රැඳී සිටීම ඔහුගේ අරමුණ වී ඇතැයි ද මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කොට ඇත. රුසියාවේ න්‍යෂ්ටික තාක්ෂණය අමෙරිකාවේ න්‍යෂ්ටික තාක්ෂණයට වඩා උසස් මට්ටමක පවතින බව සඳහන් කර ඇති ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියාවේ ස්වාධීනත්වය සම්බන්ධ අර්බුදයක් පැන නඟින ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික අවි ඇතුළු ඕනෑම ආයුධයක් භාවිත කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

කාලීන පුවත්