කොවිඩ් එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියක් ගෙන ආ හැකි බවට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (නොවැම්බර් 08) පාර්ලිමේන්තුවේදී පැවසීය.එය ක්‍රියාත්මක කිරිමේදී අධිකරණය හමුවට යාමට යමකුට හැකි වුව ද එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.