දඹුල්ලේ එළවළු මිල ගණන් පහළට

යාපනයේ එළවළු අස්වනු ලැබීමත් සමඟ මේ වන විට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව එහි ව්‍යාපාරිකයෝ කියති.පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල මේ වන විට බණ්ඩක්කා කිලෝවක මිල රුපියල් 40ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 60ක් පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30ක් රාබු කිලෝවක් රුපියල් 30ක් වැනි තොග මිල ගණන් තෙක් පහත බැස තිබේ. එමෙන්ම පසුගිය කාලයේ කිලෝව රුපියල් 2000 දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක් රුපියල් 200ක් ද ලීක්ස් කිලෝවක් රුපියල් 200ක් ද අමු මිරිස් කිලෝවක් රුපියල් 180ක් ද, බෝංචි කිලෝ රුපියල් 80ක් ද ගෝවා කිලෝවක් රුපියල් 100 කටද අලෙවි වූ බව එහි ව්‍යාපාරිකයෝ පවසති.

කාලීන පුවත්