අවුරුද්දට ගමේ යන්න ලංගමයෙන් අතිරේක බස්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ජන ජනතාව වෙනුවෙන් හෙට (05) සිට අතිරේක බස් රථ සේවාවන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි.අගනුවර හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට ගම්බිම් බලා යෑම සඳහා අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවනු ඇත.කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම එම අතිරේක බස් රථ සේවය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්