හෙට ගමේ යන්න ආවොත් තදබදයක් නෑ

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යෑමට හෙට( 11) සිට ජනතාව කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඔහු වැඩිදුරටත් පවසනුයේ 12 වනදා සවස් කාලය වන විට ඒ සඳහා වැඩි වශයෙන් පිරිස් එක් රොක් වීම මත බස් රථවල තදබදයක් ඇති වියහැකි බවකි.ගමනා ගමන කොමිෂන් සභාවේ ඉල්ලීම මත අවශ්‍යතාවය අනුව අවුරුදු සමය වෙනුවෙන් අතිරේක බස් රථ යෙදවෙන බවත් .අලුත් අවුරුදු පුණ්‍ය කාලය එළඹෙන තෙක් සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බවත් පවසන ගැමුණු විජේරත්න මහතා එළඹෙන 15 වනදා සිට පිටපලාත්වල සිට ජනතාවට නැවත කොළඹට පැමිණීමට බස් රථ යෙදවීමට ද සැලසුම් කර ඇති බව ද කියයි.

කාලීන පුවත්