මෙරට ජනතාව දුම්කොල සහ මධ්‍යසාර මිලදී ගැනීම සඳහා දිනකට රුපියල් කෝටි 100 ක් වියදම් කරන බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොල හා මධ්‍යසාර භාවිතය නිසා දිනකට පුද්ගලයෝ් 110 දෙනෙක් පමණ ජිවිතක්ෂයට පත් වන බවත් දුම්කොල සහ මධ්‍යසාර ආයතන රජයට වැඩි බදු ආදායමක් ලබා දෙන බවට සමාජයේ පවතින මතය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව හෙතෙම පෙන්වා දෙයි. එම කර්මාන්තයෙන් රජයට ලැබෙන්නේ සියයට 6 ක පමණ බදු මුදලක් බව ඔහු පැවසයි.ඒ අද(12) පෙරවරුවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි. දුම්කොල හා මධ්‍යසාර භාවිතය පිළිබඳ පනත සංශෝධනය සඳහා මහජන මත විමසුමක් එම අධිකාරිය විසින් සිදු කර තිබෙ. එම මත විමසුමට අනුව කරුණු රැසක් අනාවරණ වී ඇත. ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානයෙන් තොර විීම, පාසල්වල සිට මීටර් 500 ක වපසරියක් තුළ දුම්කොල නිෂ්පාදන අලෙවිය තහනම් කිරිීම පිළිබඳව මෙම සමීක්ෂණයට සහභාගි වු ජනතාව ප්‍රතිචාර දක්වා තිබෙ. සියයට 95 ක පමණ පිරිසක් මේ සදහා පක්ෂව කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම තනි දුම්වැටි අලෙවිය තහනම් කිරීමට සියයට 65 ක පමණ පිරිසක් රෙගුලාසි අවශ්‍ය බවට ප්‍රකාශ කර තිබෙ. මත් වතුර කාලේ බෝතල්වල විකිනීමට එරෙහිව සියයට 70 ක පමණ පිරිසක් ප්‍රතිචාර දක්වා ඇත. දුම්කොල සහ මධ්‍යසාර ආයතන විසින් වයස අවුරුදු 17 ත් 30 අතර පිරිස තම ප්‍රධාන වෙළෙඳ ප්‍රජාව ලෙස හඳුනාගෙන කටයුතු කරන බවද හෙතෙම පැවසීය.