හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩුම මිල මීනි පෙට්ටියක් භාවිත කර පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට කළ ඉල්ලීම ඉටු කිරීමට පාලිත තෙවරපෙරුම මහතා දැඩිව ආදරය කළ අති විශාල පිරිසක ගෙන් ඉඩක් නොලැබීම මත එම අවසන් කටයුතු සකස් කරන ලද සොහොනේදී හෙට (19) සිදු කිරීමට නියමිත බව ඔහු ගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.ඊයේ හිටපු ඇමැතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රන්ගේ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂණ රෝහලට පැමිණ සිටි අයුරුද දැකගත හැකි විය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරු 3.30ට පමණ මෘත දේහය ඇමැතිවරයාගේ බිරිය වෙත භාර දීමෙන් පසු කළුතර මල් ශාලාවක් වෙත රැගෙන යන ලදී.පසුව එම දේහය ඊයේ රාත්‍රී දහයට පමණ ඔහු ගේ නිවසට ගෙන එනු ලදුව ඒ මොහොතේ සිට මේ දක්වා පාලිත තෙවරපෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස විශාල් වශයෙන් පිරිස් ඇදෙමින් සිටිති.