රජය යුගදනවි ගිවිසුම සැඟවීම ගැන හවුල්කාර පක්ෂවල විරෝධය

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීමට අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ඉල්ලා හවුල්කාර පක්ෂවල නායකයන් මුදල් අමාත්‍යංශයට කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමත් පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයෙන් ඉකුත්දා ඉල්ලීමක් කළ අතර, එය ද ප්‍රතික්ෂේප කරනු ලැබීමත් මත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොලහේ සාමාජිකයන් දැඩි කලකිරීමට පත් ව ඇති බව වාර්තා වෙයි.මේ අතර ආණ්ඩුවේ මෙම නීති විරෝධී අත්තනෝමතික ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන “මහජන සභා”නම් සම්මන්ත්‍රණ මාලාවක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට එම පක්ෂ නායකයන් තීරණය කොට තිබේ.

කාලීන පුවත්