බස්නාහිර, සබරගමුව, මධ්‍යම, හා වයඹ පළාත්වලත් ගාල්ල. හා මාතර දිස්ත්‍රික්කවලත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙට (17) බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි පීඩන අවපාතයක් ඇතිවිය හැකි අතර. එය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.අනිද්දා (18) වැනිදා එම පීඩන අවපාතය ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා වෙරල වෙත ඇතුඵ වීමට නියමිත බවත් ධීවර හා නාවික ප්‍රජාව වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු බවත් එම නිවේදන්යේ දැක්වෙයි.එයට අනුව කන්කසන්තුරේ සිට මන්නාරම . පුත්තලම . කොළඹ හරහා . ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ වෙරලාශ්රිතව වැසි ඇති වනු ඇත.