උපත ලැබීමෙන් පසු සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමේ හිමිකම තිබේ. ඒවා මානව හිමිකම් ලෙස අපි දක්වමු. එලෙසින්ම මේ මහ පොළොවේ උපත ලද සියලු තිරිසන් සතුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත. ඒවා සත්ව හිමිකම් ය. මානව හිමිකම් යනු කවරක්දැයි අර්ථ විග්‍රහ කර ඊට අදාළ නීති රාමු සකස් කර ගත්තේ මිනිසුන් ය. එලෙසින් සතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරදීම උදෙසා සත්ව හිමිකම්වලට අදාළ නීතිරීති සහ සදාචාරධර්ම පද්ධති සකස් කළේ ද මිනිසුන් ය. දියුණු රටවල මානව හිමිකම් තරමටම සත්ව හිමිකම් ද ආරක්ෂා වුවත්, මානව හිමිකම් නිරන්තරයෙන් කඩ වන අපේ වැනි රටක සත්ව හිමිකම් ආරක්ෂා වීමක් ගැන කෙසේ බලාපොරොත්තු තබා ගන්නද ? සතුන් සිටින්නේ මිනිසුන් උදෙසායැයි සිතන්නෝද අපේ සමාජයෙහි විරල නැත. තමන් ඇතිදැඩි කරන සතා හැර අන් සියලු සතුන්, සතුන් නොවේයැයි සිතන සමහරුන් තමන්ගේ නොවන අන් සියලු සතුන්ට පීඩා පමුණුවන්නේ ඔවුන්ගේ ජීවත් වීමට ඇති අයිතිය පවා උදුරා ගනිමිනි.
සතුන්ගේ පැවැත්ම, සතුන්ට පමණක් තීරණ ගත හැකි සතුන් සන්තක දෙයක් බවට ප්‍රකාශ කරන, සතුන්ගේ දුක් වේදනා වළක්වා ගැනීමේ අවශ්‍යතාව වැනි මූලික අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ගත්කල මිනිසාගේ එවැනි අවශ්‍යතාවන්ට සමානවම සැලකීම සත්ව අයිතිවාසිකම් යනුවෙන් දක්වයි. එය තවදුරටත් මෙසේ පැහැදිලි කෙරේ. එනම් ඇතැම් සත්ව විශේෂයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවන් හා වුවමනාවන්ට ගරු කරමින් සැලකීමත්, හැඟීම් දැනීම් නොමැති වස්තූන් ලෙස නොසැලකීමත් ය.
සත්ව අයිතිවාසිකම් ලෙස අර්ථ දක්වන්නේ කුමක්ද ?
සතුන්ගේ පැවැත්ම, සතුන්ට පමණක් තීරණ ගත හැකි සතුන් සන්තක දෙයක් බවට ප්‍රකාශ කරන, සතුන්ගේ දුක් වේදනා වළක්වා ගැනීමේ අවශ්‍යතාව වැනි මූලික අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ගත්කල මිනිසාගේ එවැනි අවශ්‍යතාවන්ට සමානවම සැලකීම සත්ව අයිතිවාසිකම් යනුවෙන් දක්වයි. එය තවදුරටත් මෙසේ පැහැදිලි කෙරේ. එනම් ඇතැම් සත්ව විශේෂයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවන් හා වුවමනාවන්ට ගරු කරමින් සැලකීමත්, හැඟීම් දැනීම් නොමැති වස්තූන් ලෙස නොසැලකීමත් ය.
මෙම මතය හඳුන්වා දී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ මනෝ විද්‍යාඥයෙකු, දාර්ශනිකයෙකු සහ ලේඛකයකු වන ආචාර්ය රිචඩ් හුඩ් ජැක් ඩඩ්ලි රයිඩර් හෙවත් රිචඩ් ඩී. රයිඩර් ය. සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය රයිඩර් ඔක්ස්පර්ඩ් සමූහයේ සාමාජිකයකු වේ. උපත ලබා ඇත්තේ ඇති 1940 ජූලි මස 3 දා ය. 1970 දී විශේෂතාවාදය (Speciesism ) සංකල්පය සොයාගත්තේ ද ඔහු ය. විශේෂතාවාදය යන්නෙන් අදහස් කරන්නේ මානව විශේෂය අනෙක් විශේෂයන්ට වඩා උසස් බවට පැතිර යන විශ්වාසයයි.
කෙසේ වුවද සත්ව විශේෂයාගේ සාමාජිකත්වය පමණක් පදනම් කරගෙන, සතුන්ට මූලික ආරක්ෂාවන් හා වටිනාකම් පැවරීමට මෙම මතය දරන්නෝ විරුද්ධ වූහ. ඔවුන්ගේ අදහස වූයේ ආචාර්ය රයිඩර් හඳුන්වා දුන් විශේෂතාවාදය අගතියෙන් යුත් අතාර්කික මතයක් බවයි. සතුන් තවදුරටත් දේපළ ලෙස හෝ ආහාර ලෙස හෝ ඇඳුම් පැළඳුම් නැතහොත් පර්යේෂණ විෂයන් සඳහා හෝ විනෝදාස්වාදය පිණිස හෝ භයානක මෘගයන් ලෙස හෝ භාවිතා නොකළ යුතු බව ඔවුහු කියති. එසේම බුදුදහම, ජෛන ආගම, හින්දු ආගම, තාඕවාදය, ෂින්ටොවාදය සහ අනාත්මවාදය යන ආගම් සහ දර්ශනයන් ද සත්ව අයිතීන් වෙනුවෙන් විවිධ ආකාරයෙන් පෙනී සිටී.
උතුරු ඇමරිකාවේ නීති විද්‍යාලවල සත්ව නීතිය පුළුල්ව උගන්වනු ලබන අතර ස්ටීවන් එම්.වයිස් සහ ගැරී එල්. ෆ්‍රැන්චෝනි වැනි නීති විශාරදයෝ මානව නොවන සතුන් සඳහා වන මූලික නෛතික අයිතිවාසිකම් සහ ඊට හිතකර වන අයුරින් පෞරුෂත්වය පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටිති. පෞරුෂත්වය පිළිබඳ තර්කවලදී බොහෝ විටම සලකා බලන්නේ හොමිනයිඩ් ( Hominidae) ප්‍රභේදයට අයත් සතුන් වන ගිබන්, ඔරන්ඔටන්, ගෝරිල්ලා, චිම්පන්සීන්, බොනොබෝස් සහ වර්තමාන මානවයා හෙවත් මිනිසා ය. ආචාර්ය රයිඩර්ගේ විශේෂතාවාදයේ බාධකයෙන් මෙය බිඳී යන නිසා සත්ව අයිතිවාසිකම් පිළිබඳව පෙනී සිටින ඇතැම් විද්වත්හු මීට සහාය පළ කරති. නමුත් අනෙක් අය මීට විරුද්ධ වන්නේ සදාචාරාත්මක වටිනාකම, හැඟීම් මත පමණක් නොව මානසික සංකීර්ණතාව මතද මෙය පුරෝකථනය වීමක් සිදුවන නිසා ය.
කෙසේ වුවද 2019 නොවැම්බර් වන විට රටවල් 29 ක් හොමිනයිඩ් අත්හදා බැලීම් තහනම් කර ඇත. ආර්ජන්ටිනාව 2014 වසරේදී පටන් ක්‍රියාත්මක වන පරිදි මිනිසුන් භාරයේ සිටින ඔරන්ඔටන් සතුන්ට මූලික මානව හිමිකම් ලබා දී තිබේ.
නමුත් මිනිසුන් නොවන සතුන්ට සමාජ ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි බැවින් ඔවුන්ට අයිතිවාසිකම්වල හිමිකරුවන් වීමට නොහැකි බව සත්ව අයිතිවාසිකම් සම්බන්ධ විවේචකයෝ තර්ක කරති. මේ කරුණ අනුමත කරන්නේ බ්‍රිතාන්‍යයේ දාර්ශනිකයෙක්, ලේඛකයෙක් සහ සමාජ විචාරකයකුව සිටි ශ්‍රීමත් රොජර් වර්නන් ස්කෲටන් ය. ඔහු සාම්ප්‍රදායික ගතානුගතික අදහස් තවදුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් විශේෂිතව කටයුතු කළේය. එසේම සෞන්දර්ය සහ දේශපාලන දර්ශනය පිළිබඳ විශේෂඥයෙක් ද විය.
සතුන් පිළිබඳ නීතිය වසර 117 කටත් වඩා පැරණි වන අතර සත්ව හිංසාව වළක්වාලීම සඳහා වූ පනත වන්නේ 1907 අංක 13 දරන පනතයි. එම නීතියට අනුව සතෙකු ඝාතනය කළහොත් දඩය රුපියල් සියයකි. මෙය ඉංග්‍රීසි යටත් විජිත සමයේ සම්මත කරගත් නීතියකි. ඒ යුගයේ රුපියල් සියයක් යනු දැනට අනුව බලන විට රුපියල් ලක්ෂයකට වැඩි අගයක් ගනී. කෙසේ වුවද වර්තමානයේ අපේ රටේ රුපියල් සියයක වටිනාකම කුමක්ද යන්න කුඩා දරුවකු පවා දන්නවාට සැක නැත . නමුත් එදා සිට මේ දක්වාමත් එම නීතිය යාවත්කාලීන කොට නැති අතර අද ද සත්වයෙකු ඝාතනය කළහොත් දඩය රුපියල් සීයක් පමණි.
ඉංග්‍රීසි ජාතික දර්ශනවාදියෙකු සහ ප්‍රතිශෝධකයකු වූ ජෙරම් බෙන්තම් විසින් කල්පනාකාරීව සැලසුම් කරන ලද ප්‍රායෝගික ආචාර ධර්ම පද්ධතියක් වූ උපයෝගිතාවාදය සමග බැඳී ඇති තවත් තර්කයක් වන්නේ අනවශ්‍ය දුක් වේදනා නොමැති තාක් කල් සතුන් සම්පත් ලෙස භාවිතා කළ හැකි බවයි. ඔවුන්ට යම් සදාචාරාත්මක ස්ථාවරත්වයක් තිබිය හැකි නමුත් ඔවුන් මිනිසුන්ට වඩා පහත් මට්ටමක සිටින බවක් මෙහි දක්වයි. සත්ව විමුක්ති පෙරමුණ විසින් ලොම් ගොවිපළවල් සහ සත්ව රසායනාගාර විනාශ කිරීම වැනි ඇතැම් ක්‍රියාවන් සත්ව අයිතිවාසිකම් පෙරමුණ තුළම විවේචනයට ලක්වී ඇත. Animal enterprise terrorism Act ( AETA) ඇතුළුව මෙම ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස සලකා නඩු පැවරීමට ඉඩ සලසන නීති පැනවීමට අදාළව එක්සත් ජනපද කොංග්‍රසයේ ප්‍රතිචාරය විමසා ඇත.
අපේ රටේද සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැනවූ නීති තිබේ. අවාසනාවට මේවා ඉතාමත් යල් පැන ගිය ඒවා ය. මෙහිදී සතුන් පිළිබඳ නීතිය වසර 117 කටත් වඩා පැරණි වන අතර සත්ව හිංසාව වළක්වාලීම සඳහා වූ පනත වන්නේ 1907 අංක 13 දරන පනතයි. එම නීතියට අනුව සතෙකු ඝාතනය කළහොත් දඩය රුපියල් සියයකි. මෙය ඉංග්‍රීසි යටත් විජිත සමයේ සම්මත කරගත් නීතියකි. ඒ යුගයේ රුපියල් සියයක් යනු දැනට අනුව බලන විට රුපියල් ලක්ෂයකට වැඩි අගයක් ගනී. කෙසේ වුවද වර්තමානයේ අපේ රටේ රුපියල් සියයක වටිනාකම කුමක්ද යන්න කුඩා දරුවකු පවා දන්නවාට සැක නැත . නමුත් එදා සිට මේ දක්වාමත් එම නීතිය යාවත්කාලීන කොට නැති අතර අද ද සත්වයෙකු ඝාතනය කළහොත් දඩය රුපියල් සීයක් පමණි.
මේ නිසා සත්ව සුබසාධන පනත් සංශෝධනය කර සතුන්ගේ ද ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බලධාරීන්ගේ වගකීම ය. එතෙක් දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන තුළින් සත්ව ඝාතනය වැළැක්වීම සඳහා තිබෙන පැනවීම් කවරේද යන්න පිළිබඳව පොලිසියේ අවධානය යොමු කළ යුතුවේ. ඉහත කී 1907 අංක 13 දරන පනතට අමතරව සත්ව හිංසාව සහ ඝාතනය සම්බන්ධයෙන් අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ ද දඬුවම් නියම කොට ඇත. එහි 411 සහ 412 වගන්තිවල අදාළ ප්‍රතිපාදන දක්වා ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 411 වෙනි වගන්තියේ මෙසේ දැක්වේ.
” රුපියල් දහයක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති සතෙකු හෝ මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංගවිකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් අනර්ථය සිදුකරන තැනැත්තකුට අවුරුදු දෙක දක්වා වූ කාලයක දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය. ”
412 වගන්තියේ දක්වන්නේ මේ ආකාරයට ය.
” වටිනාකම කුමක් වුවද යම් ඇතකු, අශ්වයකු,බූරුවකු, කොටළුවකු, මීහරක්ගොනෙකු එළදෙනකු, ගවයකු හෝ රුපියල් පනහක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති වෙනත් සතකු මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංගවිකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් යමෙකු අනර්ථයක් කළහොත් ඔහුට අවුරුදු පහ දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය.”
චෝදනාව එල්ල කරන පනතේ ප්‍රතිපාදන අනුව දඬුවම වෙනස් වන බව පෙනේ. කෙසේ වුවද පොලිසිය විසින් සුළු දඬුවමක් සහිත පනතක ප්‍රතිපාදන ඔස්සේ පමණක් එවැනි චූදිතයකුට චෝදනා එල්ලකොට තිබෙන අවස්ථාවක අගතියට පත්වූ පාර්ශවයට නඩු විභාගයේ දී ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු දැක්වීමේ හැකියාව ඇත. මේ නිසා හැකි සැමවිටම මෙවැනි තත්ත්වයන්වලදී අධිකරණයේ පිහිට පැතීමට සත්වලෝලීන්ට, අවිහිංසාවාදීන්ට, සත්ව හිමිකම් සම්බන්ධයෙන්
ක්‍රියාකරන්නන්ට හැකියාව පවතී. එලෙස වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් පියවරක් වන්නේ එය මුළු මහත් සමාජයටම ආදර්ශයක්ද වන නිසා ය. විශේෂයෙන්ම වීදි සුනඛයන් වැනි සතුන් ඝාතනය කිරීම, ඔවුන්ට විවිධාකාරයේ කායික වධ හිංසන පැමිණවීම අපේ රටේ දිගින් දිගටම සිදුවේ. එනිසා සුනඛයන් ඝාතනය කිරීමට එරෙහි සත්ව අවිහිංසා පනත සම්මත කොට ඉතා ඉක්මනින්ම බලාත්මක කිරීමට කටයුතු කිරීම වැදගත් ය. එමගින් මෙවැනි ම්ලේච්ච ක්‍රියාවන් පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති කිරීමත්, ඒ ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ දෙනෙත් විවර කිරීමත් තුළින් නිශ්චිත නීති පැනවීමේ අවශ්‍යතාව රජයට පෙන්වා දී ඒ සඳහා බලකිරීමක් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ඉන්දු පෙරේරා