ඉදිරි දින තුනේ තද වැසි

මේ වන විට පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (18) සිට දක්නට ලැබෙන අතර ඉදිරි දින තුන තුළ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් මෙම කාලය තුළ සුළඟේ වේගයේ වැඩිවීමක්ද අපේක්ෂා කරන බවද පැවසෙයි.ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්