හෙලිකොප්ටර් අනතුරකින් සිදු ජනාධිපති ඊබ්රාහිම් රයිසිගේ මරණයෙන් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තහවුරු කරන ලදී.උතුරු ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී යානය කඩා වැටෙන විට ඉරාන විදේශ ඇමති වරයා පලාත් ආණ්ඩුකාරවරයෙකු ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු එහි සිට ඇත. ඔවුන් සියල්ලෝම මිය ගොස් ඇතැයි විශ්වාස කෙරේ.