ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහන් රැසක් තැබූ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) උදෑසන ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ප්‍රේමරත්න මහතා අභහවප්ප්‍රාප්ත වන විට 94 වැනි වියේ පසුවිය.ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්රයට පිවිස ඇත්තේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍යය ඔස්සේ ය.ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ද ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි.මාලිනී බුලත්සිංහල ගායනා කළ “සඳ මඩලේ සිට”, සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැගීලා”, හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කළ “හංසරානී”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව” හා සුජාතා ගායනා කළ “රන්තරු පුන්සඳ”විජේරත්න වරකාගොඩ ගැයූ “හිරු පායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ”අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් යන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ රාශිය අතරින් අතලොස්සකි.එමෙන්ම අතිශය ජනප්‍රිය “සමුද්‍රදේවි” නාට්‍යයේ “ගෝවේ ගෑනු පරදයි සහ “යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා “ ගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර වෙයි.අභාවප්‍රාප්ත ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.