මෙවර අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 06 ක කාලය තුළ ශ්‍රීපාද වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර අංශය මගින් ඉවත් කළ බව එම ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී රසිකා සමරනායක මහත්මිය පවසයි.ගෙවුණු වන්දනා සමය 2023 දෙසැම්බර් මාසයේ සිට 2024 මැයි මස වෙසක් පුන් පෝය දින දක්වා පැවැත්විණි.ඉවත් කරන ලද කැළි කසල තොගයට දිරන කසල කිලෝ 60,000 ක් නොදිරන කසල කිලෝ 36,000 ක් හා ප්ලාස්ටික් බෝතල් කිලෝ 3000 ක් අයත් වූ බව පරිසර නිලධාරිණී රසිකා සමරනායක මහත්මිය වැඩිදුරටත් පවසයි.මීට අමතරව පරිසර සංවිධාන සහ වෙනයම් ආයතන මඟින් ද ශ්‍රීපාද රක්ෂිතයට බැහැර කර තිබූ කැලි කසල විශාල ප්‍රමාණයක් ඉවත් කොට තිබේ.