අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ සවිකොට ඇති අකුණු සන්නායකයේ භූගත තඹ තැටිය ගැලවීමට සැලසුම් කළ සිද්ධිය සම්බන්ධයෙන් රියැලිටි ගායකමංජුල පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ අකුණු සන්නායකයේ අකුණු තැන්පත් වන භූගත කොටසේ සවි කොට තිබෙන එම ලෝහමය කොටස ගලවා ඉවත් කරගතහොත් රුපියල් කෝටි පන්සියයකට පමණ විදේශීය ජාවාරම්කරුවන්ට අලෙවි කළ හැකි බවක් තමන් අසා තිබූ බවකි. ස්ථූප කොත් කැරැල්ලේ සිට භූගත ස්ථරය සම්බන්ධ කොට තිබෙන තඹ තැටියේ පරමාණුක බලයක් සහිත කිසියම් රසායනික ද්‍රව්‍යයක් තැන්පත් වී ඇති බවටත් ඒවා අධික මිල ගණන් යටතේ ලබා ගැනීමට ඇමරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් වරින් වර මෙහි පැමිණෙන බවටහ් මෙම තඹ තැටි ජාවාරම් කරුවන් කට කතා පතුරුවා තිබේ.එහෙත්, ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එම පරණ තඹ තැටි වල කිසිදු ඉහළ ආර්ථික වටිනා කමක් නොමැති බව ය.