ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්

බස්නාහිර , සබරගමුව , දකුණ සහ වයඹ යන පළාත්වලත් මහනුවර , නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වර්ෂාව අඩු වුවද ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්