අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තුන් වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය අද (09) දිල්ලියේ රාශ්ට්‍රපති භවන්හි දී පැවැත්වේ.එයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද ඉන්දියාව බලා යාමට නියමිත ය.එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ඔහු එම ආරාධනය පිළිගෙන තිබුණි. මෙය වික්‍රමසිංහ මහතාගේ දෙදින නිල සංචාරයකි.මෙම උත්සවය වෙනුවෙන් මේ වන විට දිල්ලියේ ආරක්ෂාව තර කර ඇති ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් උප ජනාධිපති අහමඩ් අෆීෆ්, බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, මොරිෂස් අගමැති ප්‍රවින්ද් කුමාර් ජුග්නවුත්, නේපාල අගමැති පුෂ්ප කමල් දහල් සහ භූතාන අග්‍රාමාත්‍යවරයා ද රාජ්‍ය නායකයින් ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට නිල ආරාධිතයින් ලෙස එක්වීමට නියමිතය.