නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ජලගැලීම් වලට ලක්වීම පිළිබඳව සිදුකළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර නගරය ආශ්‍රිතව ඇති අවිධිමත් ඉදිකිරීම් මෙම ජල ගැලීම්වලට බරපතළ ලෙස බලපා ඇති බවයි.
මහවැලි නදියට සමගාමීව උස් ස්ථානයක පිහිටා ඇති මහනුවර නගරයේ වැසි ජලය ඇතුළු අනෙකුත් අප ජලය නගරයෙන් පිටමං කරන ප්‍රධාන ඇළ මාර්ග දෙක වන මැද ඇල අවහිර වන ආකාරයට සිදුකර ඇති අවිධිමත් නීති විරෝධී ඉදිකිරීම් මහනුවර නගරය සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවීමට හේතු වී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසීය.