ස්ටාර්ලින්ක් සන්නිවේදන ජාලය රට තුළ දියත් කළ පසු, එහි අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් විසින් ගෙවිය යුතු ගාස්තු ප්‍රකාශ වී තිබේ.ඒ අනුව ඒ සඳහා අප රට තුළ දී ඇමෙරිකානු ඩොලර් 400 – 600 අතර මූලික ගෙවීමක් කළ යුතු බව වාර්තා වේ.ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා පවසනුයේ මෙම සේවාව සඳහා මූලික සැකසුම හෝ ලියාපදිංචි කිරීමේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් 400 ත් 600 ත් අතර පරාසයක පවතින මුත් මාසික ගාස්තුව ඩොලර් 99 බවකි.නමුත් ස්ටාර්ලින්ක් තවමත් ශ්‍රී ලංකාවේ දුරකථන ජාල සමාගමක් ලෙස ස්ථාපිත වී නොමැත.එසේ වුවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විදුලි සංදේශ නියාමන පනතේ 17 සහ 22 වගන්ති යටතේ එයට සංඛ්‍යාත බලපත්‍රයක් ලබා දෙමින් අනුමත කර ඇත.විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා පනත ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිතය.එවිට චන්ද්‍රිකා තාක්ෂණය මඟින් ලොව ඕනෑම තැනක අන්තර්ජාල ප්‍රවේශය සඳහා ඉඩ සලසන අතර ශ්‍රී ලංකාවේ පවතින ෆයිබර් තාක්ෂණයට වඩා කිහිප ගුණයක වේගයක් ලබා දෙයි.ස්ටාර්ලින්ක් සන්නිවේදන ජාලයට ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද ප්‍රකාශ කොට තිබේ.