මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ සිට ඇති අතර ඔවුන් ද මිය යන්නට ඇතැයි සැලකෙයි. 51 හැවිරිදි උප ජනාධිපති චිලිමා සහ පිරිස රැගත් එම යානය, මලාවි රාජ්‍යයේ ලිලොංග්වේ අගනුවරින් පිටත් වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යෑමටය. එය මිනිත්තු 45 ක කෙටි ගුවන් ගමනක් වූ අතර ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවෙද්දී, යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් විය. එසැණින් යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා පැවැසීය.යානයේ සුන්බුන් හමුවී ඇත්තේ වනාන්තර ප්රදේශයකිනි.යානය අනතුරට පත් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ ගැන විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බව මලාවි මාධ්‍ය වාර්තා කොට ඇත.