මිහින්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා නව දුම්රිය මාර්ගයක්

විසල් අනුරාධපුර වැඩසටහන සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මිහින්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කරන බවයි අමාත්‍යවරයා අනුරාධපුරයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා දුම්රියෙන් ගමන්කරමින් පොසොන් සමයේ සැදැහැවතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නව දුම්රිය සේවාව ආරම්භ කරනලදි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කෙරුණේ.පොසොන් පොහොය වෙනුවෙන් මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මකයි.

එය ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර වාණිජ අධිකාරී කාර්යාලය විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

කාලීන පුවත්