වසර 13කට පසු අලි ගණන් කරයි

වසර 13 කට පසුව මේ වසරේ අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.

සෑම වසර 10 කට වරක් අලි සංගණනයක් පැවැත්වෙන අතර, අවසන් වරට පැවැතියේ ඉකුත් 2011 වසරේදීය. ඉන් අනතුරුව 2021 වසරේදීද අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළද, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට කටයුතු කෙරිණි.

අගෝස්තු මස 19 වැනිදාට යෙදෙන පොහොය දිනයද ඇතුළත්ව දින 02 ක් තුළ මෙම සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෙරට කැලෑ තුළ අලි 5000 ත් 6000 ත් අතර සංඛ්‍යාවක් සිටින බව වනජීවී නිලධාරීහු කියා සිටිති.

කාලීන පුවත්