පොසොන් පොහොය නිමිත්තෙන් මෙම මස 20 වැනිදා සිට අනුරාධපුරය,මිහින්තලේ,,තන්තිරිමලේ,යන පූජා නගර කේන්ද්‍ර කරගනිමින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස් සේවයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.කොළඹ මධ්‍යම බස් රථ කාර්යාලය,මහනුවර ප්‍රධාන බස් නැවතුම්පල,කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පල සිට ක්‍රියාත්මක වේ.මීට අමතරව සිතුල්පව්ව සහ කතරගම ඇතුළු අනෙකුත් පූජා නගර වෙත යන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට ද සැලසුම්කර ඇතැයි ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරයි.මෙලෙස යොදවන බස් රථ ප්‍රමාණය සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය වන බස් රථ ප්‍රමාණයට අමතරව යොදවන බවත් එසේ යොදවන බස් රථ ප්‍රමාණය 400ක් පමණ බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.