අනුරාධපුරය බලා යන වන්දනාකරුවන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්

පොසොන් පොහොය නිමිත්තෙන්, අනුරාධපුරය බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

සිතුල්පව්ව කේන්ද්‍ර කර ගනිමින් ද විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන ලදි.

ඒ අනුව , අතිරේක බස් රථ 400 කට අසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සහ දිවයින පුරා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.

කාලීන පුවත්