ආණ්ඩුව බලයට ආවේ අල ළුෑණු දේශපාලනයට නොවේ

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ අල ළුෑණු දේශපාලනයක් කිරීමට නොවන බවත් මෙම වසර දෙකක කාලයේ දී රට පුරා වැව් 1500ක් ඉදිකර ඇතැයි මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සඳහන් කරයි.

එම කාලයේදී නිවාස දාහතර දහසක් ඉදිකර ඇති බවත් තවත් දාහතර දහසක් ඉදි වෙමින් ඇති බවත් උන්වහන්සේ සඳහන් කරති.තව මහා මාර්ග විශාල ප‍්‍රමාණයක් රටපුරා ඉදි කරමින් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ගොවිතැන කාබනික කිරීමට ගන්නා උත්සාහය ද අගය කළ යුතු මුත් මෙම දැවැන්ත සංවර්ධනය පිළිබඳව කිසිවෙකු ප්‍රකාශ නොකිරීම ගැන තමන් වහන්සේ ආණ්ඩුව සමඟ අමනාපයෙන් සිටින බව ද උන්වහන්සේ කියා සිටියහ.

ඒ අගමැති වරයාගේ පෞද්ගලික වියදමින් නිවාස සියයකට ජල පහසුව ලබා දීම වෙනුවෙන් අනුරාධපුර පැවති උත්සව සභාවක් අමතමිනි.

කාලීන පුවත්