ඉන්දීය පාර්ලි­මේ­න්තුවේ නව විපක්ෂ නාය­ක රාහුල් ගාන්ධි

ඉන්දීය පාර්ලි­මේ­න්තුවේ නව විපක්ෂ නාය­කයා ලෙස ඉන්දීය කොන්ග්‍ර­සයේ නායක රාහුල් ගාන්ධි පත් කර තිබේ. ඉන්දීය පාර්ලි­මේ­න්තු­වට විපක්ෂ නාය­ක­ව­ර­යකු පත් වී ඇත්තේ වසර දහකට පසුවය. මීට පෙර අව­සන් වරට මංමෝ­හන් සිං අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ 2009 සිට 2014 දක්වා කාල­යේදී භාර­තීය ජනතා පක්ෂයේ සුෂ්මා ස්වරාජ් එරට විපක්ෂ නායි­කාව ලෙස කට­යුතු කළ අතර, වත්මන් අග­මැති නරේන්ද්‍ර මෝදිගේ පළමු ධුර කාලයේ (2014-2019) සහ දෙවැනි ධුර කාලයේ (2019-2024) විපක්ෂ නාය­ක ­ධු­රය හිස්ව තිබිණි. එම කාලය ඇතු­ළත භාර­තීය ජනතා පක්ෂ­යට අභි­යෝග කිරී­මට කිසිදු පක්ෂ­යක් සමත් නොවීම ඊට හේතුවය, විපක්ෂ නාය­ක­ ධු­ර­යට හිමි­කම් කීමට අවශ්‍ය 10% ක ඡන්ද ප්‍රති­ශ­තය හෝ මුළු ආසන සංඛ්‍යා­වෙන් අවම වශ­යෙන් ආසන 55ක් හෝ ජය ගැනී­මට කිසිදු පක්ෂ­යක් සමත් වී නැත.එහෙත්, මෙවර ඉන්දීය කොන්ග්‍ර­සය ආසන 99ක් ජය ගැනී­මෙන් විපක්ෂ නාය­ක­ ධු­ර­යට හිමි­කම් කීමට සමත් වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දි­යාවේ හිටපු අග­මැ­ති­නිය ඉන්දිරා ගාන්ධිගේ මුනු­පුරා ද, හිටපු අග­මැති රජීව් ගාන්ධිගේ පුත්‍රයා ද වන 54 හැවි­රිදි රාහුල් ගාන්ධි 2004 වස­රේදී දේශ­පා­ල­න­යට එක්වූ අතර,ගත වූ විසි වසර තුළ මන්ත්‍රී­ව­ර­යකු ලෙස කට­යුතු කර­මින් සිටී.

කාලීන පුවත්