ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී පසුගිය බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික තමාර් අමිතායි නමැති සංචාරක තරුණිය සල්ලිකෝවිල් හිදී නිරුපද්‍රිතව සොයා ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි.ඇය පසුගිය ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිව සංචාරය කරමින් සිටියදී අතුරුදන් ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලීසිය පවසයි.ඇය බදාදා (26) සිට නැවත ලැගුම්හල වෙත නොපැමිණි බවත් ලැගුම්හල් හිමිකාරිය පොලීසියට දැනුම් දී තිබේ.ඇය අන්තර්ජාලය හරහා වෙන්කරවාගත් ත්‍රිකුණාමලයේ රොලෙක්ස් ලැගුම්හලේ නවාතැන් ගෙන සිට ඇත.නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශයේ සභාපති ඒ.පී මාතාන් මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා එහිදී අතුරුදන් වූ සංචාරක තරුණිය පිළිබඳව පැය තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබේ.ආණ්ඩුකාර වරයා පැවසුවේ, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පොලීසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උප්පුවලි ප්‍රාදේශීය සභාව සහ නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් තමාර් අමිතායි සොයා ගත් බවයි.කමිටුව මඟින් මෙහෙය වූ ක්ෂණික මෙහෙයුම් වලින් පසුව අමිතායි ඇගේ හෝටලයේ සිට කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි සල්ලිකෝවිල්හිදී සොයා ගෙන තිබුණි. ඇය එම ප්‍රදේශයට ගොස් සිටියදී සිහිසුන්ව ඇද වැටී ඇති නමුත් කිසිදු ශාරීරික හෝ ලිංගික අතවරයකින් තොරව මේ වන විට යහපත් තත්වයෙන් පසුවන බව වාර්තා වේ.