පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (29) පස්වරු 06.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ තැපැල් දුම්රිය ගලබඩ හා ඉගුරුඔය දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති බවයි.
අලුයම 1.15ට පමණ දුම්රිය පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.