සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට තනිව පැමිණි ඊශ්‍රායල ජාතික රූමත් තරුණියක ත්‍රිකුණාමලය පසුගිය 26 වන බදාදා සිට ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී අතුරුදන් වූ පුවත ඉකුත් දිනවල පුරා තටු සලා පියඹන්නට විය.25 හැවිරිදි තාමර් අමිතායි නමැති ඇය පසුගිය අඟහරුවාදා ත්‍රිකුණාමලයට පැමිණ සිටි අතර ඇය අන්තර්ජාලය හරහා හෝටල් කාමරයක් ද වෙන්කරවා ගෙන ඇත.මෙම තරුණිය මෙම සංචාරය පැමිණ ඇත්තේ මුල් වරට බව ද අනාවරණය විය.නමුත් ඇය නවාතැන්ගත් හෝටලයට නැවත නොපැමිණි හෙයින් ඇය 26 වන බදාදා සිට අතුරුදන් වූ බවට හෝටල් හිමිකාරිය විසින් හෝටලය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
කාන්තාවක; විශේෂයෙන් තරුණියක තනිපංගලමේ ගමන් බිමන් යාම අප ගේ සංස්කෘතික පිළිගැනීම් වලට හා සමාජමය පුරුෂාර්ථ වලට ඉඳුරාම පටහැනි වූවකි.එහෙත්,මෙය නව ගෝලීය ප්‍රවණතාවක් වන ඉසෙඩ් පරම්පරාව(Generation Z ) හා සම්බන්ධ එක්තරා සාමාන්‍ය තත්වයක් බව ද පෙනෙයි.මෙම ඉසෙඩ් පරම්පරාව වශයෙන් හඳුන්වන නව පරපුර අන්තර්ජාලය මත පදනම් ව හුදකලාවේ වුව තම ජීවිත ගොඩ නඟා ගත හැකියැයි සිතන; තමන් එතෙක් ජීවත් වූ සමාජ ආර්ථික සංස්කෘතික පසුතලයෙන් අත්මිදුණු පිරිසකි.
කාන්තාවක; විශේෂයෙන් තරුණියක තනිපංගලමේ ගමන් බිමන් යාම අප ගේ සංස්කෘතික පිළිගැනීම් වලට හා සමාජමය පුරුෂාර්ථ වලට ඉඳුරාම පටහැනි වූවකි.එහෙත්,මෙය නව ගෝලීය ප්‍රවණතාවක් වන ඉසෙඩ් පරම්පරාව(Generation Z ) හා සම්බන්ධ එක්තරා සාමාන්‍ය තත්වයක් බව ද පෙනෙයි.මෙම ඉසෙඩ් පරම්පරාව වශයෙන් හඳුන්වන නව පරපුර අන්තර්ජාලය මත පදනම් ව හුදකලාවේ වුව තම ජීවිත ගොඩ නඟා ගත හැකියැයි සිතන; තමන් එතෙක් ජීවත් වූ සමාජ ආර්ථික සංස්කෘතික පසුතලයෙන් අත්මිදුණු පිරිසකි.එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක කලාපයක් වන ත්රිකුණාමලයඋප්පුවේලි ප්‍රදේශයේදී සිදු වූ මෙම තරුණියගේ අතුරුදන් වීම ඇය පිළිබඳ ඛේදනීය පුවතකින් ඇරඹෙන ප්‍රබල ආන්දෝලනාත්මක පුවතක් වීමේ සුවිසල් අවකාශයක් තිබිණ.
හෝටලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයක ගල්තලාවක් අසල විදේශීය කාන්තාවක් අන්දමන්දව සිටිනු දක්නට ලැබෙන බවට ගම්වාසියෙකුගෙන් ලැබුණ තොරතුරු අනුව වහා විමසුම් කළ විමර්ශක කණ්ඩායමට එහි වන ගත ප්‍රදේශයක දී එම තරුණිය සොයා ගත හැකි විය.පසුව අනාවරණය වූයේ එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටි බවත් ය.
ඒ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ උපදෙස් මත පොලිසිය, හමුදාව සහ නැගෙනහිර පළාත් සංචාරක අධිකාරිය එක්ව ක්ෂණික සෝදිසි මෙහෙයුමක් සංවිධානය කර තිබුණි.බොහෝ දෙනකු ඉතා හොඳින් දන්නා අන්දමට ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්,සොර මැරකම් මංකොල්ල කෑම් ආදිය සම්බන්ධ බොහෝ තොරතුරු පොලිස් පොතට එක් ව තිබේ.ඒ අනුව දින තුනක් තිස්සේ අතුරුදන්ව හිඳින මෙම තරුණිය ගේ ඉරණම සම්බන්ධයෙන් බොහෝ දෙනකු ගේ සිත් වල රැඳි මනැස් සිත්තම පිළිබඳව සිතා ගැනීමේ අසීරුවක් නැත.එමෙන්ම එවන් ඛේදවාචකයක් සිදු වීම ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ව්‍යාපාරයටම කණ කොකා හඬවන්නකි.
එහෙත්, එම හෝටලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයක ගල්තලාවක් අසල විදේශීය කාන්තාවක් අන්දමන්දව සිටිනු දක්නට ලැබෙන බවට ගම්වාසියෙකුගෙන් ලැබුණ තොරතුරු අනුව වහා විමසුම් කළ විමර්ශක කණ්ඩායමට එහි වන ගත ප්‍රදේශයක දී එම තරුණිය සොයා ගත හැකි විය.පසුව අනාවරණය වූයේ එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටි බවත් ය. පසුව ඒ වන විට ඉතා දුර්වල ව කැලයේ රැඳී සිටි සංචාරක තරුණිය උප්පුවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර,සීරීම් සහ සුළු තුවාල ලබා සිටි ඇය ත්‍රිකුණාමලය මහ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලී පොලීසිය මගින් සිදුකරනු ලබයි.එහි දී විශේෂයෙන් කිව යුත්තේ ගත වූ දින තුන තුළ ඇය කිසිදු බාහිර බලපෑමකට නතුව නොතිබීම ය.එමෙන්ම ඇය මෙලෙස සිහි විකල තත්වයට පත් වූයේ කිසියම් මත් ද්‍රව්‍යයක් භාවිතා කළ නිසා ද යන්නත් මෙතෙක් අනාවරණය වී නැත.කෙසේ නමුදු ඇගේ මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද දැඩි අවධානයකට ලක් ව තිබේ.
හේමන්ත රන්බණ්ඩාර