නිරිත දිග මෝසම හේතුවෙන් බෙංගාල බොක්ක හා අරාබි මුහුදු ප්‍රදේශයේ යළි දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යන බවයි කාලගුණ අංශ පවසයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ තද සුළං සහ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 ක පමණ තද වැසි ඇති විය හැකියි.